• Breaking News

    මැයි 18 වෙනිදා ‘යුද අපරාධ දිනය‘ සැමරූ HNB කිලිනොච්චි කළමනාකරු ඉවත් කරලා


    මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිර යන ඡායාරූප කිහිපයකින් පැවසෙන්නේ පසුගිය 18 වනදාට යෙදුණ යුද නිමාව සනිටුහන් කළ දිනය කිලිනොච්චියේ  HNB පුද්ගලික බැංකුවේ සේවක පිරිසක් මගින් ‘යුද අපරාධ දිනය‘ ලෙසින් සැමරීමට ලක් කරන ලද ආකාරයයි.
    Remembering the Tamil Genocide “May 18 War Crimes Day” යනුවෙන් 
    පොස්ටරයක්ද ඒ සමගම හුවමාරුවී තිබුණි.
    කිලිනොච්චියේ හමුදා ප්‍රධානීන් යුද ජය සැමරීම තවත්  තැනක සිදු කරන අතර ඒ දිනයේම කොටි ත්‍රස්තවාදීන් ඝාතනය විම ගැන කණගාටුවෙමින් පොදු මහජනතාවට විවෘත ස්ථානයක මේ ආකාරයට සැමරීම කෙතරම් දුරට උචිතද යන්න ගැන සමාජ මාධ්‍ය තුළ 



    විශාල කථාබහක් ඇතිව තිබේ.
    මැයි 18 යුද අපරාධ සිදුවූ දිනයක් ලෙස කොටි හිතවාදී ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව මතයක් දරන නමුත් එම මතය නිවැරදි කිරීම වෙනුවෙන් රජයේ නියෝජිතයින් කටයුතු කරන අතරවාරයේ සංහිඳියාවට මුවාවී මිනිමරු ත්‍රස්තයින් වීරයින් බවට පත්කිරීම උචිත නොවන බව මෙම කථාබහේදී පෙන්වාදී ඇත.
    කොටි සංවිධානය ඉහළට ඔසවා තැබූ ප්‍රභාකරන් යනු 1980 ගණන්වලදී එල්ටීටීඊය සඳහා අරමුදල් රැස්කිරීමට බැංකු කොල්ලකෑම් සිදුකළ අයෙකු බවත් පසුකලෙක හෝ ඒ වෙනුවෙන් නීති ක්‍රියාත්මක නොවූ බවත් තවත් අදහසකි.
    මෙහිදී බැංකුවේ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් පින්තූර ඉදිරිපිට ඉටිපහන් දැල්වීමට කටයුතු කර තිබෙන අතර කාර්යාල වේලාවන් තුළ එල්ටීටීඊය සැමරීම සම්බන්ධයෙන් කළමනාකාරවරයාට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව HNB ඉහළ කළමනාකාරිත්වය මේ වනවිට පියවර ගෙන ඇති බවද වාර්තාවේ. ඒ අනුව කළමනාකරුට මාරුවක් ලබාදී ඇති බවද වාර්තාවේ.
    හැටන් නැෂනල් බැංකුව – 28.38 % රජයේ කොටස් හිමි ඉතිරිය පුද්ගලික කොටස් සහිත බැංකුවකි. දැනට 70 වැනි වියේ පසුවන සභාපති රියෙන්සි අර්සකුලරත්න අනිද්දා මැයි 26 සිට විශ්‍රාම යැමට නියමිතය.



    නව සභාපතිවරයා ලෙස දිනේෂ් විරක්කොඩි පත්කිරීමට නියමිතය.
    බැංකුවේ සැමරුම හා පෝස්ටරය පහත දැක්වේ.
    මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන් සිහිකිරිමේ අනුස්මරණ උත්සවයක් 18 දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි පවත්වන ලද අයුරු ඊට පහළ ඡායාරූප වල දැක්වේ 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *